Gossips

මැදින් පුරපසළොස්වක පොහොය දිනය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් මැදින් පුරපසළොස්වක පොහොය දිනය අදයි.
බුදුරදුන් විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන්ගේ සිත සුව පිණිස කිඹුල්වත්පුරයට වැඩම කිරීම සිදුවූයේ ද අදවන් පොහොය දිනකයි.
සුද්ධෝදන රජු අනාගාමී වීම මෙන්ම නන්ද හා රාහුල කුමරු පැවිදි දිවියට ඇතුල් වීම වීමද අදවැනි පොහොය දිනක සිදුවීම විශේෂත්වයක්.
තම ඥාතීන්ගේ මානය නැති කිරීම සඳහා ලොව්තුරා බුදුරජානන් වහන්සේ විසින් යමාමහ පෙළහර පෑම සිදුකළේද මැදින් පුරපසළොස්වක පොහොය දිනකදීයි.