Gossips

කොල්ලයකට පැමිණි තුන්දෙනෙකු ආයුධ සමඟ අත්අඩංගුවට

ඇල්පිටිය – මන්ඩකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී අවි ආයුධ සමඟ තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ සිදුකළ මෙම පරීක්ෂාවේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, පිස්තෝලයක්, මීලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 3ක්, මන්නා පිහි 2ක්, මුහුණු ආවරණ 4 ක්, අත්මේස් ජෝඩු 2 ක් ද සොයාගෙන තිබුණා.
එමෙන්ම සොරකම් කරන ලද වාහන අංක තහඩු 2 ක් ද එහි තිබූ අතර අම්බලන්ගොඩ සහ ඌරගහ ප්‍රදේශවල ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගෙන් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමට මොවුන් පැමිණ ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අවුරුදු 20, 36 සහ 38 වයස්වල පසුවන සැකකරුවන් වතුගෙදර, ඌරගහ, අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.