Gossips

ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවට ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
මානව හිමිකම් කොමසාරිස්වරියගේ නවතම වාර්තාවේ අන්තර්ගතය දෙස බලන විට ශ්‍රී ලංකාව තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් ද යන ගැටළුව පැන නගින බවයි.
එමෙන්ම, මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල විශේෂඥ වාර්තාව ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් සඳහා හොඳ පදනමක් සපයන බව මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබුණා.
ජිනිවා නුවරින් එවන් අධීක්ෂණයක් සිදුවන විට ශ්‍රී ලංකාවට ඡන්දයෙන් පත් වන ආණ්ඩුවක් කුමකට ද යන්න ගැටළුවක් බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් පෙන්වා දුන්නේ.
මෙවර මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි සටන බ්‍රිතාන්‍ය විසින් මෙහෙය වන බවත්, අදාළ යෝජනා සම්මත කිරීම නවත්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ කිසිදු සාකච්ඡාවක් මෙරට ආණ්ඩුව සිදුකර නොමැති බවත් එම නිවේදනයේ සදහන්.
ශ්‍රී ලංකාව ගැන ප්‍රශංසනාත්මක වචන කිහිපයක් මෙම යෝජනාවේ තිබුණ ද එම ප්‍රශංසාව හිමි වී ඇත්තේ රණවිරුවන් පාවා දෙන නීති සම්මත කිරීම වැනි ආණ්ඩුව විසින් සිදුකර ඇති මහා ජාති ද්‍රෝහීකම්වලට බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියටත්, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලටත් නිළ වශයෙන් පහත සඳහන් ආකාරයේ කරුණු දැක්වීමක් රජය විසින් සිදුකරනු ඇති බව ජනතාව බලාපොරොත්තු වන්නේ යැයි එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

rn