Gossips

ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් ජා ඇලින් අල්ලයි

ජාඇල – වැලිගම්පිටිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබූ වැගන් ආර් මෝටර් රථය තුළ තිබී සොයා ගත් ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ බවට සැක කෙරෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද (17) වටලනු ලැබුවා.
ඊයේ (16) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී ජාඇල නගරයේ පිහිටි අදාළ ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානයේ සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
අදාළ ස්ථානයේ තිබී රබර් මුද්‍රා 50කට අධික සංඛ්‍යාවක් සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන ගණනාවක් ද හමුවී තිබෙනවා.
මෙලෙස සොයා ගත් රබර් මුද්‍රා අතර රජයේ කාර්යාලවලට අයත් ව්‍යාජ ලෙස සකස් කරන ලද මුද්‍රා ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.