Gossips

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේ වීඩියෝ 15 ලක්ෂයක් මුහුණු පොතෙන් ඉවත් කරයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ වීඩියෝ දර්ශන 15 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අන්තර්ජාලයෙන් ඉවත්වීමට පියවර ගත් බව ෆේස්බුක් සමාගම පවසනවා.
ප්‍රහාරය සිදුවී පළමු පැය 24 තුළ එලෙස වීඩියෝ මිලියන 1.5 ක් ඉවත් කර ඇති අතර, ඉන් මිලියන 1.2 ක් යළි පළකිරීම වළක්වා ඇති බව සඳහන්.
එමෙන්ම දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සංස්කරණය කොට මුහුණුපොතට එක් කළ වීඩියෝ පටද ඉවත්කරමින් සිටින බවයි ෆේස්බුක් සමාගම වැඩිදුරටත් කියා සිටියේ.
ඕස්ට්‍රේලියානු ජාතික සුදු අන්තවාදියෙකු වූ 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් ප්‍රහාරයේ මුල් විනාඩි 17 සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කළ අතර, ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් ප්‍රකාශ කළා.