Gossips

සම්භාහන මධ්‍යස්ථානයකදී මුදල් සොරාගත් කාන්තාවන් 02ක් පොලිස් දැලේ

සීදූව, කටුනායක, 18 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීදුව පොලිසිය විසින් ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සම්භාහන මධ්‍යස්ථානයේ සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
අදාල සම්භාහන මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් 50,000ක මුදලක් සම්භාහන මධ්‍යස්ථානය තුලදී සොරාගෙන ඇති බවට කළ පැමිණිල්ලකට අනුවයි සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවන් දෙදෙනා අද (17) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි සීදූව පොලිසිය සඳහන් කළේ.