Gossips

උඩුමහලේ වගාකළ ගංජා (ඡායාරූප)

අලුත්ගම ප්‍රදේශයේ නිවසක වගාකර තිබූ ගංජා පැල 06ක් සමඟ 50 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අද (17) දහවල් බේරුවල පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
අදාල නිවසේ උඩුමහලේ මල් පෝච්චිවල මෙම ගංජා පැල වගාකර තිබී ඇති අතර ඒවා අඩි 5ක් 6ක් පමණ උසට වර්ධනය වී තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡායාරූප – අලුත්ගම, තුසිත කුමාර