Gossips

කෝටි 3 ක රත්‍රං සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 3 ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගුව සඳහන් කළේ අද අලුයම 1.30 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්කඬේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක් බවයි.
ශාරිරික ආබාධයක් සඳහා පළඳින විකලාංග උපකරණයක් තුළ සඟවා මෙම රත්‍රං තොගය රැගෙනවිත් ඇති බව සඳහන්.
ඉස්තරම් වර්ගයේ රත්‍රං ග්‍රෑම් 4,000 ක් පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.