Gossips

පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මූල්‍ය අපරාධ කොට්ඨාශය, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය, පානදුර කොට්ඨාශය, පාර්ලිමේන්තු කොට්ඨාශය සහ වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙලෙස මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගම්පහ, ගල්කිස්ස, බණ්ඩාරවෙල සහ නුවරඑළිය යන පොලිස් කොට්ඨාශ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් අධිකාරිවරුන්ටද මෙහිදී ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මීට අමතරව කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයේ පොලිස් අධිකාරීවරයා සහ වෛද්‍ය සේවා කොට්ඨාශයේ පොලිස් අධිකාරීවරයා ද ස්ථාන මාරුකර ඇති අතර, අගමැති ආරක්ෂක කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයාටද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.