මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන් උපදෙස් නීතිපතිවරයාගෙන් ලබාගැනීමට පියවර ගැනෙනවා.
එමෙන්ම රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව හරහා අදාළ මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳවද සාකච්ඡා කරමින් සිටින බවයි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.