Gossips

ජන ජීවිතයට තර්ජනයක් වූ කිරිඳි ඔයේ කිඹුලා යාල වනෝද්‍යානයට

තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ ජනතාවට තර්ජනයක්ව සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලාගෙන යාල ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ බූන්දල වනජීවී නිලධාරීන් විසින් දැල් භාවිත කරමින් උගුලක් අටවා කිරිඳී ඔයේ රඳවා තබා මෙම කිඹුලා අල්ලාගෙන ඇති බවයි.
අඩි 13ක පමණ දිගින් යුත් මෙම කිඹුලාගෙන් කිරිඳි ඔය ආසන්නව ජීවත්වන ජනතාවට මෙන්ම සතුන්ට දැඩි තර්ජනයක්ව තිබු බව සඳහන්.