Gossips

ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවෙකු මිද්දෙණියේදී අත්අඩංගුවට

මිද්දෙණිය – මුරුන්ගස්යාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 8 ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, 45 හැවිරිදි ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සැකකරු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.