Gossips

ජගත් පරිසර සමුළුවට සහභාගිවූ ජනපති යළි දිවයිනට

කෙන්යාවේ – නයිරෝබි නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන යළි දිවයිනට පැමිණියා.
ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස උදෑසන 7.55 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 04 වන සැසිවාරය ඇමතූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් නව යෝජනා 04 ක් ඉදිරිපත් කළා.
එමෙන්ම ජනාධිපතිවරයා සිය නිල සංචාරයේදී කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවලද නිරතවුණා.