Gossips

කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 88 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 47 සහ 60 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.
මෙම කේරළ ගංජා තොගය දින කිහිපයකට පෙර මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ඇති අතර, ඒවා වෙරළ තීරයේ සඟවා තබා රැගෙන යාමට උත්සහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගැනුනා.