Gossips

අද සිට උපතේදීම හැදුනුම්පත් අංකයත්

වත්මන් රජය ඩිජිටල් ආර්ථියක් ඇති කිරීම සදහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමේ අවස්ථාවට බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේදී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ලේඛණ ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසූ උප්පැන්න සහතික නිකුත් කිරීම මෙම වැඩසටහන යටතේ ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව, ඉදිරියේදී නිකුත් කරන උප්පැන්න සහතික රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කිරීමට නියමිත අතර එහි ජාතික හැදුනුම්පත් අංකය ද සදහන් කෙරෙනු ඇති.