Gossips

මුහුණු පොතේ සටහනක් තබමින් අවසන් ගමන් ගිය තරුණයා

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ මළ සිරුරක් තලවාකැලේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තලවාකැලේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා අද උදෑසන ඉහළ කොත්මලේ විද්‍යාලයක් අසල සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබෙනවා.
ඔහු එම ඡායාරුපය මුහුණු පොතට එක්කර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ "END OF MY LIFE. GOOD BYE GOD" යනුවෙන්.
ඊට පැයකට පසුව තරුණයා ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇති බව සඳහන්.
පොලීසය සඳහන් කළේ තරුණයාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අද සවස ගොඩ ගෙන ඇති බවයි.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර නුවරඑළිය මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.