Gossips

මාස 3කට වරක් කිරිපිටි මිල සංශෝධනය වන ලකුණු

මාස 3කට වරක් ආනයනික කිරිපිටි මිල සලකා බලා මිල සංශෝධනය කෙරෙන බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.
ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගිය කිරිපිටි මිල ගණන් පිළිබදව නිවේදනය කරමින්.
ඔවුන් නිකුත් කළ උපරිම සිල්ලර මිලට අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 370ක් වන අතර, කිලෝග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 920 ක් වනවා.
එසේම, ග්‍රෑම් 18 රුපියල් 20කට, ග්‍රෑම් 60 රුපියල් 60කට, ග්‍රෑම් 70 රුපියල් 65 කට, ග්‍රෑම් 150 රුපියල් 140කට සහ ග්‍රෑම් 250 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 230කට අලෙවි කළ යුතුයි.
ග්‍රෑම් 900 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 820 ක්.