Gossips

බදුල්ලේ ප්‍රදේශ කිහිපයක සුළු භූ චලන

බදුල්ල, හාලිඇල, වැලිමඩ සහ පස්සර ආදී ප්‍රදේශ කිහිපයක අද උදෑසන සුළු භූ චලන තත්ත්වයක් ඇති වුණා.
එය රික්ටර් මාපක 2ක අගයක් ලෙස පල්ලෙකැළේ, මහකනදරාව සහ හක්මන මාපකවල සටහන් වී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල් සිරිවර්ධන සඳහන් කළේ.
අද පෙරවරු 8.20ට පමණ මෙම භූ චලනය සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ප්‍රදේශවාසීන් පොලිස් ස්ථානවලට දැනුවත් කර තිබෙනවා.
තත්ත්පර කිහිපයක් පැවති මෙම භූ චලනයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.