Gossips

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ. – බෞද්ධ ධඡය ඔසවන්නැයි ඉල්ලීමක්

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද සිට ලබන 23 වන දා දක්වා සතිය ‘‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ වෙනුවෙන් සියළු නිවෙස්වල විහාරස්ථානවල සහ ආයතනවල මෙන්ම රථ වාහනවල අද සිට බෞද්ධ ධජය ඔසවා තබන ලෙසයි ත්‍රිපිටකය ලෝක උරුමයක් සඳහා පත් කෙරුණු කමිටුව සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් යුතුව ලබන 23 වන දා ඓතිහාසික දළදා මාළිගාවේ මහ මළුවේදී සිදුකිරීමට නියමිතයි.
ඒ සඳහා සියළු බෞද්ධ රටවල සහයෝගය හිමි වනවා.
ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් පසුගිය දා මාතලේ ඓතිහාසික අළු විහාර පුද බිමේදී සිදුකෙරුණා.
අදින් ආරම්භ වන ත්‍රිපිකාභිවන්දනා සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබෙනවා.