Gossips

ත්‍රිරෝද රථයක් ඇළ මාර්ගයකට පෙරලී තුන්දෙනෙක් රෝහලේ

හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලි ගොස් තිබෙනවා.
අද උදෑසන 6.45ට පමණ සිදුවූ මේ අනතුරින් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල ඇතුලත් කල බවයි අප වාර්තාකරු පැවසුවේ.
ශ්‍රී පාද වන්දානාවේ ගොස් ආපසු පැමිණෙමින් සිටි වැලිමඩ ප්‍රදේශයේ පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
ත්‍රි රෝද රථයේ රියදුරුට නින්ද යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
නෝර්වුඩ් පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.