Gossips

වෙන්නප්පුව – කොස්වත්ත ප්‍රදේශයේදී ලක්ෂ 40ක් වටිනා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව – කොස්වත්ත – හාල්දඩුවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කර තිබුණා.
එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්.
වැඩිදුර විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ සැකකරු මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බවයි.