Gossips

ශ්‍රීපාද වන්දනාකරුවෙකු හදිසි රෝගී තත්වයකින් මියයයි

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු අද අලූයම ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් නිසා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මහනුවර – දවුලූගල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා ගමන් කරන අතරතුර ඉඳිකටුපාන ප්‍රදේශයේදී ඔහු මෙම හදිසි රෝගාබාධයට ලක්වී තිබෙනවා.
අනතුරුව ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් එක්ව ඔහු නල්ලතන්නිය වෙත ඔසවාගෙන ගොස් මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.