Gossips

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හික්ඩුවේදී අත්අඩංගුවට

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සමඟ හික්කඩුව – තිරානගම – කඳුවල ප්‍රදේශයේදී පොලීසිය ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හික්කඩුව, දඹුල්ල, අහංගම සහ හබරාදූව යන ප්‍රදේශවල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
ඔවුන් අද (16) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.