Gossips

ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ අඩුවක්

මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී ඒකක 3 යි දශම 8 කින් අඩුවී තිබෙනවා.
නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම ඊට හේතුවයි.
නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ එහිදී මන්දගාමීත්වයක් දක්නට ලැබුණු බව මහබැංකුව ප්‍රකාශ කළා.
ඊට සමගාමීව තොග මිලදී ගැනීම් වලද අඩුවීමක් දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, නිෂ්පාදන අංශයේ රැකියා නියුක්තියෙහි සුළු වර්ධනයක් දක්නට ලැබුණු බව සඳහන්.
එසේම, ගෝලීය ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.