Gossips

නීති සිසුන් පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

2018 වසර සදහා නාවල විවෘත විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවක් සිදුව ඇති බව දැනුවත් කිරීමට එම විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.
ඒ, විපක්ෂ නායක කාර්යාලයේදී.
නීති ප්‍රවේශ විභාග ප්‍රවේශය සදහා පෙනී සිටි සිසුන් විපක්ෂ නායකවරයා හමුවුණේ අද පෙරවරුවේදියි.
ඔවුන් එහිදී සදහන් කළේ සිය විභාගයේ ප්‍රතිඵල නිකුත් වී සති දෙකකට පමණ පසු වෙනත් ප්‍රතිඵල සටහනක් විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවියට නිකුත් කර ඇති බවයි.
පළමු ප්‍රතිඵල සටහනේ අසමත් සිසුන් විශාල ලකුණු පරතරයකින් දෙවන ප්‍රතිඵල සටහනට අනුව සමත් වී ඇති බවද සිසුන් එහිදී විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නා.
මෙම ගැටලුව පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරිමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී සටහන් කර තිබෙනවා.
මේ අතර, හොරණ නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් ද අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.
ඒ, හොරණ අධිකරණ බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 26 ක ජනතාව පානදුර අධිකරණයට එක් කිරීම මගින් විශාල දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව සදහන් කිරීමටයි.