Gossips

ETI තැන්පත්කරුවන් ජනපති කොමිසමට

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත තම සංගමය මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් සොයාගත් සියලූ කරුණු ඉදිරිපත් කළ බවයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනි අනූෂා ජයන්ති කියා සිටියේ.