Gossips

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට පත්වූ හැටි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාර වලින් තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නවසීලන්ත ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අසල මෝටර් රථයක සිටි පුද්ගලයෙක් එය පටිගතකර තිබුනේ මේ ආකාරයෙන්.