Gossips

රිච්මන්ඞ් කඩුලු 06 / 99

114 වන ගාල්ල රිච්මන්ඩ් – මහින්ද "ආදරවන්තයන්ගේ සටන" ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද (15) ආරම්භ වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමු ඉනිම වෙනුවෙන් මහින්ද විද්‍යාලය සියලූදෙනා දැවී ලකුණු 197 ක් රැස් කළා.
නිපුන් මාලිංග එහිදී ලකුණු 44 ක් ලබා ගත්තා.
අද දිනය අවසන් වනවිට රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 06 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 99 ක්.