Gossips

ක්‍රීඩා පිටියේ වැටී පාසල් දැරියක් මරුට

අවිස්සාවේල්ල – දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 9 හැවිරිදි දැරියක පාසල් ක්‍රීඩාපිටියේ සිදුවූ හදිසි අනතුරකින් අද ජීවිතක්ෂයට පත්වුණා.
ඇය, පාසල් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රියාකාරකමක් අතරතුර ඇද වැටී ඇති අතර, අනතුරුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයතිලක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පොල්කටු මත ඇවිදීමේ ක්‍රියාකාරකමක නිරතව සිටියදී මුනින් අතට ඇද වැටීමෙන් මෙම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහි ඕවිට – පිරිවෙණ පාරේ පදිංචි සහේලි නිමර්තනා මන්දාකිණි නැමති දැරියක්.
මේ අතර නොච්චියාගම – වාල්පාලූගම ප්‍රදේශයේ අවුරුදු 2 ක දැරියක් වතුර පිරවූ බඳුනකට වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක්ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
දැරිය මව සමග නිවසේ සිට ඇති අතර, මවගේ අවධානය ගිලිහුණු මොහොතක දැරිය මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.