Gossips

අභිරහස් ලෙස මියගිය මුරකරු (ඡායාරූප)

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (15) දහවල් මූන්දලම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
වත්තක මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි මූන්දලම පොලිසිය පවසන්නේ.
අදාල වත්තේ මුර කුටියේ ඇඳක් මත තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පමණ අයෙක් බව සඳහන්.
තමන් වත්තට පැමිණි බලන විට මුරකරු පෙනෙන්නට නොසිටි බැවින් ඒ සම්බන්ධයෙන් සොයාබලන අවස්ථාවේ මුර මඩුගේ ඇඳක් මත සිරුර දකින්නට තිබූ බව වතු හිමිකරුවා පොලිසියට පවසා තිබෙනවා.
මදුරන්කුලිය හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශණ කටයුතු සිදුකර ඇති අතර මරණය සිදුවී ඇති ආකාරය අභිරහසක් බැවින් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා මූන්දලම පොලීසියට නියෝග කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඡායාරූප – පුත්තලම, ජූඩ් සමන්ත