Gossips

ජපන් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ආයතනයක් වටලයි

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් නීතිවිරෝධීව මුදල් රැස් කළ ආයතනයක් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වටලා තිබෙනවා.
බත්තරමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය අදාළ ආයතනය ඊයේ දිනයේදී වටලා ඇති අතර, එහිදී නීතිවිරෝධීව මුදල් රැස් කරමින් හා ජපන් රැකියා සදහා බදවා ගැනීම් සිදුකරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොළොන්නරුව සහ තලංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ ගුවන් ගමන් බලපත්‍ර 13 ක්, ජපන් රැකියා සදහා යොමුකළ අයදුම්පත් තොගයක් ඇතුළු ලිපිලේඛන රැසක් ද සොයා ගෙන තිබෙනවා.