Gossips

Update : නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් – 40 දෙනෙකු මරුට

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.
තවත් 27 දෙනෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.
සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබූ බවයි නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.
මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කර තිබෙනවා.
මුල්ම ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයේ සිටි සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නිරුපද්‍රිතව ඉන් නික්මුණු අතර කණ්ඩායමේ සියළු සාමාජිකයන් ආරක්ෂිතව සිය හෝටලය වෙත පැමිණි බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ද සනාථ කළා.
කෙසේ නමුත් ක්‍රයිස්චර්ච් හිදී හෙට සිට ආරම්භවීමට නියමිතව තිබූ නවසීලන්ත – බංග්ලාදේශ තුන්වන සහ අවසාන ටෙස්ට් තරඟය ද මෙම සිද්ධීන් හේතුවෙන් අවලංගු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නවසීලන්ත අගමැතිනී යසින්ඩා ආර්ඩ්න් කියා සිටියේ මෙය නවසීලන්ත ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සටහන් වනු ඇති බවයි.
එය කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ඇය හැදින්වූවා.
ප්‍රහාරයට එක්වූ එක් සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි තැබීම සමාජ මාධ්‍ය ඔස්සේ සජීවි ලෙස විකාශය කර ඇති බව සඳහන්.
කෙසේ නමුත්, නවසීලන්ත පොලීසිය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ එම සංවේදී වීඩියෝව සංසරණය වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.
සංවේදී පුද්ගලයන් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.
rnrnrnrn

rnrnrnrn
Update : Friday, March 15, 2019 12.25
———————————————
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.
සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.
මේ අතර අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරය සිදුකරන ආකාරය පටිගතකර ඇති අතර මේ වනවිට එය අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
එම දර්ශන පෙළ පහතින්.
සංවේදී පුද්ගලයන් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.
rnrnrnrn

rnrnrnrn
මේ අතර අද වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් ඇති අතර, ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා.
එසේම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන ටෙස්ට් තරඟයද අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.