Gossips

පොල්ගහවෙල රිය අනතුරකින්, එකම පවුලේ තුන් දෙනෙකු මරුට (ඡායාරූප)

කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා.
අලව්ව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි ත්‍රිරෝද රථයක් සහ නාවික හමුදාවට අයත් වෑන් රථයක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ එකම පවුලේ මව, පියා සහ ඔහුගේ මවයි.
මෙහිදී මිය ගිය අඹු – සැමි යුවළගේ දරුවන් තුන් දෙනා තුවාල ලැබූ අතර, පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන්ව මාරු කර යැවුණේ කුරුණෑගල මහරෝහල වෙතයි.
ඒ අතර සිටින එක් දරුවෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මොවුන් 6 දෙනාම මාවනැල්ල ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.