Gossips

උතුරු කොරියාවේ රහසක් ජගත් සංවිධාන වාර්තාවක් හෙළි කරයි

රසායනික අවි නිශ්පාදනය කළ හැකි උපාංග උතුරු කොරියාව විසින් රුසියාවට ලබාදෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.
2012 සහ 2017 අතර කාලසීමාවේදී උතුරු කොරියාවෙන් සිරියාවට නෞකා 40 ක් පමණ මෙම උපකරණ රැගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඇසිඩ්වලට ඔරොත්තුදෙන සෙවිලි උපකරණ මෙන්ම විවධ බට වර්ග ඒ අතර වු බව සඳහන්.
ජගත් සංවිධානයේ මෙම වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නැහැ.
කෙසේවෙතත් එහි ඇති ප්‍රධාන කරුණු කිහිපක් හෙළිදරව්වී තිබෙනවා.
එහි දැක්වෙන්නේ උතුරු කොරියා මිසියල විශේෂඥයන් ද සිරියාවේ අවි නිශ්පාදන මධ්‍යස්ථානවලට ගොස් එහි තත්වයන් නිරීක්ණය කර ඇති බවයි.
එමෙන්ම සිරියානු ආරක්ෂක අංශ විසින් ක්ලෝරීන් වායුව යොදා ගන්නා බවට ද එම වාර්තාව මගින් පෙන්වාදී තිබෙනවා.
කෙසේවෙතත් සිරියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර සහනාධාර ලබාදීමේ කටයුතු සඳහා තාවකාලික සටන් විරාමයක් පනවා තිබියදීත් ඩැමස්කස් අගනුවර ආසන්න ප්‍රදේශයෙන් පිපිරීම් ශබ්ද ඇසුනු බව විදෙස් නිරීක්ෂකයන් ප්‍රකාශකර තිබෙනවා.
සහනාධාර රැගෙන ගිය පිරිස් ප්‍රකාශකර ඇත්තේ ගැටුම් හේතුවෙන් තම රථ වාහනවලට එම ප්‍රදේශයට යාමට නොහැකි වු බවයි.