Gossips

ක්‍රයිස්චර්ච් ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් – නවසීලන්ත අගමැතිනිය කියයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම් ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස එරට අගමැතිනී ජෙසින්ඩා ආර්ඩ්න් හැදින්වූවා.
සිද්ධියෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් 30 දෙනෙකුම මුල් ප්‍රහාරය එල්ල වූ හේග්ලි උද්‍යානය ආසන්නයේ පිහිටි දේවස්ථානයේ සිටි අයයි.
තවත් 10 දෙනෙකු ඊට ආසන්න ලින්වුඩ් හි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්‍යාව 48 දෙනෙකු බව නවතම වාර්තා සඳහන් කළා.
මෙය නවසීලන්ත භූමිය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙසයි හැදින්වෙන්නේ.
කාන්තාවක ඇතුළු ත්‍රස්තවාදීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ වාහනවල සවි කර තිබූ බෝම්බ කිහිපයක් ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කරනු ලැබුවා.
මේ අතර, ඕක්ලන්ඩ් නුවර දුම්රිය ස්ථානයේ කිසිවෙකු නොමැතිව දමා ගොස් තිබූ ගමන් මළු දෙකක් පිළිබදව පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.