Gossips

කන්ටේනර් රථ අනතුරකින් තිදෙනෙකු රෝහලේ

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළි යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු දඹුල්ල මූලික රෝහලට මාරුකර යැවූ බව අප වාර්තාකරු සදහන් කළේ.
අද (15) අලුයම 6ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
කන්ටේනර් රථයේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.