Gossips

ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී, පුද්ගලයෙකු ගිනි තබා ගනී

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 62 හැවිරිදි එම පුද්ගලයා බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.
ඔහු ජාතික සේවක සංගමයේ හිටපු සාමාජිකයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.