Gossips

අයිස් සහ කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නුගේගොඩ – ගංගොඩවිල හන්දියේදී මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක් පරීක්ෂා කළ පොලීසිය එහි තිබී අයිස් සහ කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැක කටයුතු කැබ් රථයක් මාර්ගයේ ධාවනය වන බවට ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම කැබ් රථය ලූහුබැද ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
සැකකරු ළඟ තිබී අයිස් ග්‍රෑම් 3ක් හා කේරළ ගංජා ග්‍රෑම් එකක් හමුවූ බව සඳහන්.