Gossips

පොල්ගහවෙල – මැද්දලන්දේ රිය අනතුරකින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට

කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ වයෝවෘද්ධ කාන්තාවක්.
තුවාල ලැබූවන් අතර දරුවන් තුන් දෙනෙකු සිටින අතර ඔවුන් පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා.