Gossips

ජනපති සහ කෙන්යානු ජනපති අතර හමුවක්

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට එක්වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ පවත්වා තිබෙනවා.
සමුළුවේ හතරවන සැසිවාරය ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කර තිබීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා සමුළුවේදී ගත් තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාවට නැංවීම සඳහා සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව උපරිමයෙන් කැපවී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයත් සමඟ දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉදිරියේ දී වඩාත් පුළුල් වනු ඇති බව කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මෙහිදී පවසා තිබෙනවා.
මේ අතර, රුවන්ඩා අග්‍රාමාත්‍යවරයාද සමුළුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සුහද පිලිසඳරක නිරත වූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.