Gossips

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ අද විවාදයට

2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය වන අද අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.
අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ දෙවන දිනය වූ ඊයේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සංශෝධන රහිතව සම්මත වුණා.