Gossips

සුපිරි තරඟයේ පිටිය මැදට එකවරම පැනපු ක්‍රීඩාලෝලියෙක් දෝනි පසුපස දිවයයි

බොහෝදෙනෙකුගේ ආදරය දිනාගත් ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ ඔහු ක්‍රීඩාලෝලියෙක් සමඟ තරඟයක් අතරතුර ක්‍රීඩා පිටිය මැද දිව යන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.
පසුගියදා පැවති ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය අතරතුරදීයි මෙම සිදුවීම වාර්තා වන්නේ.
එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහරදීමට සූදානම් වන අවස්ථාවේ ඉන්දීය කණ්ඩායම පිටිය මැද එක් අන්තයක පන්දු රැකීම සඳහා සූදානම් වනවා.
එම අවස්ථාවේ එක්වරම ක්‍රීඩාලෝලියෙක් පිටිය තුළට දිව එන්නේ තමන් දැඩි ලෙස ආදරය කරන සුපිරි ක්‍රීඩක දෝනි වැළඳ ගැනීමටයි.
කෙසේ වෙතත් එහිදී සිදුවන්නේ කිසිවෙකු නොසිතූ සිදුවීමක්.
එක්වරම ක්‍රීඩාලෝලියා තමා ආසන්නයට පැමිණි අවස්ථාවේ දෝනි ඔහුගෙන් බේරී දිවයනවා.
අවසානයේ දෝනි දිවගොස් නතරවන්නේ තමන්ට හුරුපුරුදු කඩුල්ල පසුපසදීයි.
එවිට එම ක්‍රීඩාලෝලියා දෝනි අසලට ගොස් ඔහු වැළඳගෙන ක්‍රීඩා පිටියෙන් ඉවත්වනවා.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අතර එම අවස්ථාව පහතින්.