Gossips

මොරටුමුල්ල ද්විත්ව ඝාතනයට හේතුව මාර්ග බලපත්‍රයක්

බස් මාර්ග බලපත්‍රයක් මත ඇති වූ ආරවුලක් මොරටුමුල්ල – පිළියන්දල – කොස්පැලෑන ප්‍රදේශයේ අද සිදුවූ ද්වී පුද්ගල ඝාතනයට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.
මියගිය පුද්ගලයන් ඊට අදාළ නඩු කටයුත්තක් සදහා ගොස් යළි පැමිණෙමින් සිටියදී කොස්පැලෑන පාලම ආසන්නයේදී අද උදෑසන 10 යි 30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණා.
එහිදී ජීවිතක්ෂයට පත්වූයේ මොරටුමුල්ල – සොයිසාපාර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දුමින්ද ඉරෝෂන හෙවත් ආමි මංජු නමැත්තා සහ ඌරුබොක්ක – බොරදුවහේන ප්‍රදේශයේ පදිංචි චින්තක සදරුවන් පරණවිතාන නමැති 20 හැවිරිදි තරුණයෙක්.
එමෙන්ම, වෙඩි වැදීමෙන් දුමින්ද ඉරොෂන්ගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
දුමින්ද ඉරෝෂන හෙවත් ආමි මංජු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම, චින්තක සදරුවන් නමැති පුතුගේ මිතුරා කොස්පැලෑන පාලම ආසන්නයේ නිවසක් ඉදිරිපිට රැදී සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පතෙරොම් තුවක්කුවක් උපයෝගි කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඝාතනය සදහා තවත් සැකකරුවන් කිහිපදෙනෙකු ත්‍රිරෝද රථයකින් සහ මෝටර් රථයකින් ද පැමිණ ඇති බවයි.
එක් සැකකරුවෙකු මේ වනවිට හදුනාගෙන තිබෙනවා.