Gossips

නව සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සාර්ථකයි – මන්ත්‍රී දයාසිරි ජයසේකර

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පළමු සාකච්ඡාව අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
එය සාර්ථක වූ බවයි නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ.
අද පෙරවරු 10.30ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර, පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැත්වුණු බව එහි සිටි අප වාර්තාකරු සදහන් කළා.
නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සාකච්ඡාවට එක්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වුණේ එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්තයි.