Gossips

20 වන සංශෝධනයට තම සන්ධානය එකඟ බව එම්.ඒ. සුමන්තිරන් කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම සන්ධානය එකඟ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය හා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
මෙම අවස්ථාවට පක්ෂ කිහිපයක නියෝජිතයන් ද එක්ව සිටියා.