Gossips

සාකච්ඡා සාර්ථකයි,දෙවැනි වටය විසි එක්වනදා – නිදහස් පක්ෂ මහ ලේකම් කියයි

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරු 10.30ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර, පැය එකහමාරකට ආසන්න කාලයක් එය පැවැත්වුණා.
නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඊට එක්වුණේ් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත සාකච්ඡාවට සහභාගිවුණා.