Gossips

ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාව ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා.
ඒ, ස්ථාවර නියෝග 27 – 2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින්. ඊට විදේශ අමාත්‍ය තිලක් මාරපන පිළිතුරු ලබාදුන්නා.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද දිනයේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙමින් පවතිනවා.