Gossips

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
ඒ අනුව දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලියෙන් අනතුරුව ඔහු දිවයිනට කැඳවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
එහිදී ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව චන්දික හතුරුසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටේව් රික්සන් කණ්ඩායම සමඟ එක්වනු ඇති.