Gossips

update :- නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු සාකච්ඡා ඇරඹේ

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භවී තිබෙනවා.
අද පෙරවරු 10.30 ට පමණ මෙම සාකච්ඡා ආරම්භ වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ සඳහා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සහ එහි හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැමිණියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම සාකච්ඡා සඳහා සහභාගිවී ඇත්තේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුමයි.
11:01 AM Thursday, March 14, 2019
——————-
නව සන්ධානය ගොඩනැගීමේ සාකච්ඡා සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පැමිණේ
නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා එම පක්ෂ දෙකේ නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.
අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණු මෙම සාකච්ඡා සඳහා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සහ එහි හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැමිණ ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මේ වනවිට විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ සිටිනවා.