Gossips

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කෙරේ

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් විවෘත කරනු ලැබුවා.
දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් මෙම අධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ඇති.
පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය වංචා සහ දූෂණ විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 3 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළ අතර, එහි පලමු අධිකරණයේ කටයුතු පසුගියදා ආරම්භ වුණා.